ආරම්භය
අංගම් ශාස්ත්‍රයේ ආරම්භය පිළිබඳව විවිධ ජනප්‍රවාද ඈත.ඉන් එක් ජනප්‍රවාදයක් වන්නේ මින් වසර 33000 කට එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන දසිස් ලංකේශ්වර මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.
ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන්ද ඔබ්බට වසර 33000කට එපිට ඉතිහාසයකට දිවයයි. ජනවහරේ සඳහන් සුර-අසුර, රාම - රාවණා ආදී යුද්ධ වලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත. අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය.
මෙම ශාස්ත්‍රයේ ප්‍රධාන මූලිකාංග ලෙස අංගම්,ඉලංගම් සහ මායා අංගම් හැඳින්විය හැකි ය.
අංගම්
අංගම් හෝ අංගං යනු අවිආයුධ වලින් තොරව එනම් නිරායුධ සටන් ක්‍රමවේදයන්ය. නිරායුධ හරඹයන් රාශියක් මෙම සටන් ශාස්ත්‍රය තුල පවතී.
ගැටක්‍රම, ගුටි හරඹ, පොර බැදීම හෙවත් ගුස්ති ශාස්ත්‍රය, නිල, මරු නිල, පිනුම් කරණම්, පැනීම් ආදිය මෙම කොටසට අයත් ලෙස සැලකේ.
අංගම් ශාස්ත්‍රයට අදාලව මරුනිල 108 ක් ඇති අතර පිනුම් 20 ක් ද පවතී. එක මුෂ්ටි ප්‍රහාරයකින් වුවද මිනිසෙක් මරණයට පත්කිරීම ප්‍රවීණ අංගම් ශිල්පියෙකුට සරල දෙයකි. නමුත් අංගම් ශිල්පය පුහුණුවීමේදී මනුෂ්‍ය ඝාතනය සපුරා තහනම්ය. අංගම් ශාස්ත්‍රයේ ඉගැන්වෙන නිරායුධ හරඹ මඟින් ගිනිඅවිය අතහැර සටනට එන ඕනෑම ජගතෙකු පහසුවෙන් බිමහෙළිය හැකි අතර එකවර කිහිපදෙනා සමඟ වුවද තනිව පොරබැදීමට අංගම් ශාස්ත්‍රයේ 'පොරහරඹ' නම් කොටස මනාව ප්‍රගුණ කළ අංගම් ශිල්පියෙකුට හැක. අංගම් ශාස්ත්‍රයේ පළමුවන මූලිකාංගය වන අංගම් අංගම්පොර යන වචනය බිහිවීමේ මූලික සිද්ධාන්තය ලෙසද සැලකිය හැකිය.
ඉලංගම්
ඉලංගම් යනු අවිආයුධ වලින් කරන සටන් ක්‍රමවේදයන්ය. හෙලංකං හෙරළ යන පැරණි ව්‍යවහාරෙන් බිඳී වත්මන වන විට මෙය ඉලංගං ලෙස භාවිතා කෙරේ. හෙළංකං යන්නෙහි තෙරුම හෙළයාගේ විශ්මිත ක්‍රියා යන්නයි. සාමාන්‍යයෙන් යුද්ධයට භාවිතා කර ඇත්තේ මෙම කොටසයි. දීර්ඝ කාලයක් පුරාවටම මනාව පුහුණුවීම් සිදුකළ ඉලංගම් සටන්කරුවෙකුට ලොව ඕනෑම ආයුධයක් හැසිරවිය හැකි අතර තම අතට අසුවන ඕනෑම දෙයක් ආයුධයක් ලෙස භාවිතයට ගත හැක.
ඉලංගම් යනු අවිආයුධ වලින් කරන සටන් ක්‍රමවේදයන්ය. හෙලංකං හෙරළ යන පැරණි ව්‍යවහාරෙන් බිඳී වත්මන වන විට මෙය ඉලංගං ලෙස භාවිතා කෙරේ. හෙළංකං යන්නෙහි තෙරුම හෙළයාගේ විශ්මිත ක්‍රියා යන්නයි. සාමාන්‍යයෙන් යුද්ධයට භාවිතා කර ඇත්තේ මෙම කොටසයි. දීර්ඝ කාලයක් පුරාවටම මනාව පුහුණුවීම් සිදුකළ ඉලංගම් සටන්කරුවෙකුට ලොව ඕනෑම ආයුධයක් හැසිරවිය හැකි අතර තම අතට අසුවන ඕනෑම දෙයක් ආයුධයක් ලෙස භාවිතයට ගත හැක.
මායා අංගම්
මායා අංගම් යනු මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ගුප්ත ශාස්ත්‍රීය සටන් ක්‍රමවේදයන්ය.
මෙම මායා අංගම් යන කොටස නැවත අංගම් පිඹීම, කාලං, පිල්ලි යනුවෙන් කොටස් තුනකට බෙදී යයි. මෙයට අමතරව අංගම් ශාස්ත්‍රය තුළ ඉගැන්වෙන ජ්‍යොතිෂ්‍ය, දේහ ධර්ම විද්‍යාව, හෙළ වෙදකම, භාවනා ක්‍රමවේද ආදියද මායා අංගම් යන කොටසට අයත් ලෙස සැලකේ.
මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.
මෙය මෙම සටන්ක්‍රමයේ තිබෙන භයානකම සටන් ක්‍රමවේදයයි.මෙයින් අඩපණ කිරීමේ සිට මරණය තෙක් ඉතා දැඩි ලෙස සතුරාට හානි සිදුකළ හැක. ඈතක සිට මන්ත්‍ර ජපකොට සතුරා මුළාවට පත්කර බිමවැටෙන්න සැලැස්වීමට පවා දක්ෂ මායා අංගම් සටන් ශිල්පියෙකුට හැකියාවක් ඇත.එමෙන්ම තමාගේ සිරුරට සමාන සිරුරක් මවා පෙන්වීම ආදී බොහෝ දෑ පවතී. එසේම සෑම අංගම් ශිල්පියෙක්ම කුණ්ඩාලිනී යෝගය තෙක් භාවනා හා යෝග අභ්‍යාස හරහා තම මානසික ශක්තිය වැඩිදියුණු කළයුතුය. මෙහිදී මනසින් යම් යම් විස්මිත ක්‍රියාකාරම් කිරීමේ හැකියාවද පවතී. කුණ්ඩාලිනී යෝගය හරහා අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කල් දැකීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි. අතීතයේදී එක සමාන සටන් හැකියාවන් ඇති සටන් ශිල්පීන් ඌරා ළිඳෙහි අංගම් කොටන විටදීත් මෙම මානසික ශක්තිය භාවිතා කොට ඇත. සාමන්‍ය සටන් සඳහා වුවද මානසික ශක්තිය ශාරීරික ශක්තිය සමඟ මුසුකොට සටන් සඳහා භාවිතා කිරීමේ හැකියාවක් දක්ෂ අංගම් සටන් ශිල්පියෙකුට පවතී. එමෙන්ම වෙඩිවැදීමෙන් වැළකීමට තෙල් වර්ග මතුරා භාවිතා කිරීම ආදී විස්මිත ක්‍රියාකාරකම් රාශියක් ඇත.
ලක්දිව යටත්විජිත යුගය
1815 දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අංගං ශිල්පයට උදා වන්නේ අසුබ කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත් මරණිය දණ්ඩනය පමුණුවන නියෝගද පනවයි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම පරම්පරාවට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කරයි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි. රහසිගත යුගයේදී යම්යම් නව සටන් උපක්‍රමයන්ද මෙම ශිල්පයට එකතු කර ඇත.
වර්ෂ 1818 ඔක්තෝම්බර් 5 වන දිනදී එන්ගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ.[4] සෙංකඩගල රාජධානිය ඉන්ග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය.
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, දිවි නැටුම, කොටි නැටුම, ලී කෙළි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.